සින්දුවක් ගැන හිතෙන දේවල්
මේක එක අතකට අසාධාරණ සින්දුවක්.සුනිල් එදිරිසිංහ මහත්තයා ගයන අපූරු ගීතයක්. සින්දුවක තේරුම ඒ සින්දුව අසන්නාට ඕන විදිහට හිතාගන්න ඇහැකි කියලා කවුදෝ කියනවා මට ඇහිලා තියනවා. අහන කෙනා අනුව වෙනස් වෙනස් තේරුම් ගොඩක් ඇතිවෙනව නම් ඒක සාර්ථක ගීතයක්ලු. මේකයි ගීතය තිරය ඇරනවා තිරය වැහෙනවා ඔලිවරසන් හඩ පැතිරෙනවා සදලු තලෙන් බැසමානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරැවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුන දරැවෝ තිරය ඇරනවා තිරය වැහෙනවා දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිදියි තිරය ඇරනවා තිරය වැහෙනවා අහන අයට හිතෙන්නේ ගමේ ගොඩේ ඉපනැල්ලේ ඇලේ දොලේ දුව පනින දුවා දරුවන්ට නැති වරප්‍රසාදයක් නගරේ දරුවන්ට තියනවා, ඒ හින්දා හැමෝම කියනවා වගේ කොළඹට කිරි ගමට කැකිරි වගේ ගමේ ළමයි ටික කරළිය අබියස බලා ඉන්නවා විතරද? තිරය ඇරෙනවා තිරය වැසෙනවා ඒ කියන්නේ අවස්ථාවන් ලැබෙනවා නොලැබෙනවා වගේ කතාවක්.පළමු පද කීපය ලොකු අවුලක් නෑ. ඇයි එහෙනම් මේ ගීතය අසාධාරණයි කියන්නේ? දෙවැනි පද පෙල කලගෙඩි නැටුමට කලගෙඩ