Posts

සින්දුවක් ගැන හිතෙන දේවල්

මේක එක අතකට අසාධාරණ සින්දුවක්.සුනිල් එදිරිසිංහ මහත්තයා ගයන අපූරු ගීතයක්. සින්දුවක තේරුම ඒ සින්දුව අසන්නාට ඕන විදිහට හිතාගන්න ඇහැකි කියලා කවුදෝ කියනවා මට ඇහිලා තියනවා. අහන කෙනා අනුව වෙනස් වෙනස් තේරුම් ගොඩක් ඇතිවෙනව නම් ඒක සාර්ථක ගීතයක්ලු. මේකයි ගීතය තිරය ඇරනවා තිරය වැහෙනවා ඔලිවරසන් හඩ පැතිරෙනවා සදලු තලෙන් බැසමානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරැවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුන දරැවෝ තිරය ඇරනවා තිරය වැහෙනවා දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිදියි තිරය ඇරනවා තිරය වැහෙනවා අහන අයට හිතෙන්නේ ගමේ ගොඩේ ඉපනැල්ලේ ඇලේ දොලේ දුව පනින දුවා දරුවන්ට නැති වරප්‍රසාදයක් නගරේ දරුවන්ට තියනවා, ඒ හින්දා හැමෝම කියනවා වගේ කොළඹට කිරි ගමට කැකිරි වගේ ගමේ ළමයි ටික කරළිය අබියස බලා ඉන්නවා විතරද? තිරය ඇරෙනවා තිරය වැසෙනවා ඒ කියන්නේ අවස්ථාවන් ලැබෙනවා නොලැබෙනවා වගේ කතාවක්.පළමු පද කීපය ලොකු අවුලක් නෑ. ඇයි එහෙනම් මේ ගීතය අසාධාරණයි කියන්නේ? දෙවැනි පද පෙල කලගෙඩි නැටුමට කලගෙඩ

සිංහල සින්දුවල සැඟවුනු අරුත්

අපහාසයකට නොවෙයි උපහාසයට පමණයි, සින්දු කියන ලියන තනු හදපු නෝනා මහත්වරුන්ගේ දක්ශතාවයට අපේ ආචාරය ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. මන්නාරම ගැන කියවෙන ගීත දෙකක් නම් කරන්න 2.ප්‍රේමය ලොල් සහගත බව පැවසෙන ගීතය කුමක්ද? 3.සිංහල ගීත වල කාන්තාවන්ගේ නම් මුලකුරු සමගම යොදා  ඇති අවස්ථා දෙකක් නම් කරන්න. 4. හෘද ශල්‍ය කර්මයක් ගැන කියවෙන ගීතය  කුමක්ද 5. කකුල් කඩා අබ්බගාත් කරන බවට  තර්ජනය කල නිසා පෙම්වතිය  අතහැරි පෙම්වතා ගැන එම පෙම්වතිය       ගයන ගීතය කුමක්ද 6. බැකෝ / බුල්ඩෝසර් හිමි කරුවන් කැමතිම ගීත තුනක් නම් කරන්න 7.පෙම්වතා දෙපාර දෙපාර පෙම් කලත් පෙම්වතිය පෙම් නොකල  බව පෙම්වතිය විසින්ම පිළිගන්නා ගීතය          කුමක්ද 8. සමහරුන්ට කන කැසීම පිළිබඳව ඇසෙන ගීතය කුමක්ද 9. මහනුවරට වර්ශාව පිළිබඳ කාලගුන වාර්තා ලබා දෙන තැනැත්තියගේ නම කුමක්ද? එය සඳහන් වන ගීත          2ක් නම් කරන්න

මල්ලිගේ විත්ති

පුළුවන් නම් හොයාගෙන කියවන්න. ගුණදාස ලියනගේ මහත්තයා ලියලා තියන අපූරු පොතක් තමයි මල්ලිගේ විත්ති කියන්නේ. (පටලවා ගන්න එපා ගුණදාස ලියනගේ හරිය, ගුණදාස අමරසේකර ලොක්කා නෙවෙයි ) මේ පොත මම මල්ලි කියෙව්වෙ ඉස්කෝලේ අටේ නමයේ පන්තියේ ඉන්න කාලේ. හරිම ලස්සන කතා එකතුවක්. ප්‍රධාන චරිතෙ මල්ලි. මල්ලිගේ පාසල් කාලයේ සහ  ගැමි ජීවිතයේ අම්බානක රස කතා එකතුවක් මේකෙ තියනවා. ගුලි මහත්තයා කොහොම ලිව්වද හිතාගන්න බෑ. මාරම හාස්‍ය රසයක් තියෙන්නේ. මතක විදිහට එකක් දෙකක් කියන්නම්. මල්ලිලාගේ ඉස්කෝලේ හොස්ටල් එකේ බල්ලෙක් ඉන්නවා, ඌ දුඹුරු පාටයි ඒ කියන්නේ සමර පාටයි. සමර පාට බල්ලා කියලා කාලයක් කතා කරනවා. ඊට පස්සේ සමර පාට බල්ලා සමරපාල වෙනවා. සමරපාල ඉස්කෝලෙ උදේ රැස්වීමට එනවලු. විදුහල්පතිතුමා ස්ටේජ් එකේ කතා කරනකොට සමරපාල ස්ටේජ් එකටත් නගිනවලු. දවසක් ඉතින් හොස්ටල් එකේ කොල්ලො ටික කතා වෙනවලු, බල්ලා උනත් ඉස්කෝලෙ යනවනම් යුනිෆෝම් අඳින්න එපෑ නැද්ද. ඊට පස්සේ සඳුදා කොල්ලෝ ටික පරණ කලිසමක් සමරපාලට ඇන්දුවලු. සිප් එක දාන තැනින් වලිගය එලියට දැම්මලු. කොල්ලොන්ගේ හොස්ටල් එකේ බල්ලත් කොල්ලො වගේම පිස්සු ඩයල් එකක්. ඉතින් ප්‍රින්සිපල් සර් රැස්වීම අම